මුල් පිටුව

මුල් පිටුව
මෙම බ්ලොග් අඩවියේ අරමුණ ලාංකීය නූතන කවිය උදෙසා පුනර්ජීවනයක් ලබා දුන් කොළඹ කවිය පිළිබදව අපගේ ශක්ති ප්‍රමාණයෙන් සිංහල වෙබ් අවකාශය තුළ නව කියවීමක්, සංවාදයක් ඇති කිරීමයි. මෙය කිසිදු ආකාරයේ ශාස්ත්‍රීය කටයුත්තක් නොවන අතර කොළඹ කවි රසවිදීමට කැමති රසවතුන් උදෙසා අප්‍රකට කොළඹ කවි කියවීමට අවස්ථාවක් ලබා දීම අපගේ ප්‍රාථමික උවමනාවයි. ඒ පිළිබද සංවාදය කියවන ඔබට බාරය. .

Wednesday, October 3, 2012

කුමාරගම හිටියානම්...


අනේ අද කුමාරගම හිටියානම්... 
(චූලානන්ද සමරනායකගේ දේශනයක්)

පැහැදිලිවම කවිය යනු සමාජ මැදිහත්වීමක්. කිසිම නිර්මාණකරුවෙකුට තමා වෙසෙන සමාජයේ ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලනමය තත්ත්වයන් අමතක කරන්නට හෝ ඉන් වියෝවී හුදකලා වන්නට ඉඩක් නෑ. ඒ නිසාම පසුගිය කාලය පුරාම පොදුවේ කවීන් මෙකී සාධකවලින් අනවරථ බැට කෑමකට ලක්වූ සමාජය විචාරයට බඳුන් කිරීමට දැක්වූ උත්සහය ප්‍රබල සංවාදයකට ලක් කළ යුත්තක්.
ඒත් මෙහිදී කවියාගේ සමාජ විචාරක භූමිකාව පිළිබඳව අවධානය යොමු කිරීම තුළ සෞන්දර්යවාදී කවිය ඉඳුරා බැහැර කළ යුතු යැයි කෙසේවත් සැලකෙන්නේ නැහැ. කවර අසීරු තත්ත්වයන් යටතේ වුවත්, මිනිසුන් විවිධ රසභාවයන් අත් විඳිනවා. සෞන්දර්ය නිමේෂයන්හි පහස ලබනවා. ප්‍රේමයේ, විරහවේ ගැලෙනවා. ඒ සියල්ලම කවියට අදාළයි. ඒත් මම මෙහිදී කියන්නේ ඒ සැමදේම මැද අද දවසේ අපට කාලකණ්ණිකම උරුම කෙරෙනා සමාජ ක්‍රමයක විය ගසේ පීඩනයෙන් ගැලවීමට කවියාට නොහැකි බවයි. එසේම, එම සමාජයට එරෙහිව නැගෙනා කවියාගේ උස් හඬ තුළත් ඊටම ආවේණික සෞන්දර්යයක් තිබෙන බවයි. ඒ සියල්ලටම වඩා කවියා සතු දෘෂ්ටිමය පොහොසත් බව ඉතා වැදගත් බවයි.
අද අපි ඉන්නේ ශීලාචාරකම ගැන මහ ඉහළින්ම කතා කරන යුගයක. ශීලාචාර ආමන්ත්‍රණ පිළිබඳව උපරිම සැලකිල්ල දක්වන යුගයක. ඒත් මේ ශීලාචාරකමේ දවටනය තුළින් එළියට පෙනෙන අශිලාචාරකමේ නිරුවත කෙතරම් ජුගුප්සාජනක ද? මෛත්‍රිය දේශනා කරන මුවින්ම, අනිකා හැඳි ගෑවෙන්නට ගම්මිරිස් අඹරන්න වරෙව් යයි කියන්නේ කොහොම ද? මේ වගේ සරල උදාහරණ මොන තරමක් තියෙනව ද? ගැමි සෞන්දර්යය ඉතා ප්‍රබලව දැක්වූවා යැයි විචාරයට ලක්වෙන විමලරත්න කුමාරගම කවියා “තෙරුවන් සරණ යාම” මැයෙන් ලියූ කවියෙන් මේ දෙබිඩි ස්වරූපය ඉතා හොඳින් නිරූපණය කරනවා. හැබැයි, ඔහු අද මේක ලිව්වනම් ඔහුට ලොකු සදාචාර අභියෝගයකට මුහුණ දෙන්න සිදුවෙන්න තිබුණා.
කවියා යනු සීමා මායිම් මැද කොටු කළ හැකි අයෙක් නෙවෙයි. ඔහු තමන්ගේ යුගය තුළ තමන්ගේ සමාජය සමඟ ගැවසෙන පිය මනින කෙනෙක්. එහෙත් ඔවුන් අන් අය දකින දෑ මෙන්ම අන් අය දකින දෙයෙහි ඔවුන්ට නොපෙනෙන පැත්තක් දකිනවා. ඊට දක්වන ප්‍රතිචාරය තුළින් ඔහුගේ කවිය බිහිවෙනවා. ඔහු තමා ඉදිරියේ මවා ඇති සියලු ව්‍යාජ කඩතුරා ඉරා දමමින්, තමන් මත පටවා ඇති තමාට බරක් සේ දැනෙන නිර්මිත ලෝකය සිය කවිය තුළින් ඛණ්ඩනයට ලක් කරනවා. ඔහු මේ නිසා විටෙක සම්මත සමාජයේ කෝපයට ගර්හාවට ලක්වන අයුරින් සමාජ සම්මතයන් පුපුරුවා හරිනවා.
කවියා නිතරම පවත්නා සමාජ ක්‍රමය කෙරේ වන අතෘප්තිය හඟින්නෙක්. ඊට එරෙහිව නැගෙන්නෙක්. අතීත කවීන්ට මෙන්ම රත්න ශ්‍රී, පරාක්‍රම පරපුරට නන්දන වීරසිංහ වැන්නවුන්ගේ පරපුරට සහ ඉන් පසු සෑම පරපුරකටම ද මෙය පොදුයි. මිනිසාට මිනිසෙකු ලෙස සලකන ආකාරයේ සමාජ ක්‍රමයේ වෙනසක් ඇතිවන තුරුම මේ අතෘප්තිය එලෙසම පැවතීම අනිවාර්යයක්. එහෙයින්ම එම සමාජය තුළ වෙසෙන කවියාගේ හෘද සාක්ෂියේ හඬ විවිධ කාව්‍ය නිර්මාණ හරහා අපට අත්විඳිය හැකියි. ලංකාවේ විසූ විශිෂ්ටතම පුවත්පත් කලාවේදියකු වන දයාසේන ගුණසිංහයන් පුවත්පත් කලාවෙන් කෲර ලෙස නෙරපනු ලැබූ පසුව ඔහු හඬ නැගූයේ කවියෙන්. ඔහුගේ මෙම කවිය අසූව දශකයේ හෘද සාක්ෂිය ප්‍රශ්න කිරීමක්. අදත් අපි ඉන්නේ ඒ අයුරින් සමාජයේ හෘද සාක්ෂිය ප්‍රශ්න කළ යුතු යුගයක

1 comment: