මුල් පිටුව

මුල් පිටුව
මෙම බ්ලොග් අඩවියේ අරමුණ ලාංකීය නූතන කවිය උදෙසා පුනර්ජීවනයක් ලබා දුන් කොළඹ කවිය පිළිබදව අපගේ ශක්ති ප්‍රමාණයෙන් සිංහල වෙබ් අවකාශය තුළ නව කියවීමක්, සංවාදයක් ඇති කිරීමයි. මෙය කිසිදු ආකාරයේ ශාස්ත්‍රීය කටයුත්තක් නොවන අතර කොළඹ කවි රසවිදීමට කැමති රසවතුන් උදෙසා අප්‍රකට කොළඹ කවි කියවීමට අවස්ථාවක් ලබා දීම අපගේ ප්‍රාථමික උවමනාවයි. ඒ පිළිබද සංවාදය කියවන ඔබට බාරය. .

Monday, October 1, 2012

මේ අඳුර , දැන් ඇවිත් මෙන්න මගෙ අතගාව

ගුණදාස අමරසේකර තෝරාගත් පැදි. 
පහත දැක්වෙන්නේ අමරසේකර ලියූ 'අඳුර සහ බිය ' යන පද්‍ය පන්තියෙන් තෝරාගත් පැදි කිහිපයකි. 


අඳුර සහ බිය 

රබර් ගස්වල මුදුන් මහ කිතුලෙ හේඩාව 
අඬාගෙන ඇද වැටෙන දොළ අයිනෙ උන පඳුර 
තාත්තගෙ සොහොන් කොත වසාගෙන එන අඳුර 
ගලා එන විලාසය මසිත බියලන සුලුය 

ළිද ගාව මම නෑවෙ වැටකෙයිය හේඩාවෙ 
දවල් කොහොමද කියා සිතීමට මට බැරිය 
ගන අදුර ,ගන අදුර ,මහ කිතුලෙ පිළි සමග 
අපව ගිලගන්න එන උන පදුර හා එක්ව 

දොළ අයිනෙ ගල ගාව මේ වෙලෙහි ගන අදුර 
එයම නේ පිළිකන්න වසාගෙන මේ එන්නේ 
ගල් ගහන තනිකම්ද දොළ ඉහළ මහ වහන 
මේ අඳුර  , දැන් ඇවිත් මෙන්න මගෙ අතගාව 

ගුණදාස අමරසේකර 

No comments:

Post a Comment