පී බී අල්විස් පෙරේරාගේ මේ කවි පෙළ වැඩිපුර ප්රසිද්ධියට පත් නොවූ එකකි. කොළඹ කවි කියවන්නට කැමති ඔබ වෙනුවෙනි මේ.
තවුසාට වූ හදිය.
දැහැනින් නැගුණු තවුසා දැක කුටිය ළඟ
මගියෝ කියෙහි යුතු වෙසෙසින් යුතුව දිග
සාමිනි අපට යා යුතු තව බොහොම මඟ
දෙනු මැන රැයක් ඉන්නට පන්සලෙහි ලැග
අතහැර මිනිස් වාසය නිදහස පැතුව
මම මෙහි සිටින්නෙමි සිත සොම්නස යුතුව
මට ඉඳ පුරුද්දක් නැහැ කරදර ඇතුව
දෙන්නේ නවාතැන් කොහොමද ඉඩ නැතුව
ගොළුවන් වගේ කරබා මුල්ලකට වෙලා
ඉන්නට හැකිය සුසුමක්වත් වැඩිය නොලා
අපි මොන තරම් සංවර වෙන්නෙමුද බලා
ඉඩ දෙනු මැනවි කී විට ඒ නඩෙහි මුලා
තවුසා කුටිය එක මුල්ලක ඉඩ දුන්නේ
පිම්බා ලෙසින් මීයට නිහඩව උන්නේ
පැයකට පමණ පසු කවුරුත් කොදුරන්නේ
ඇතමුන් තව්සගේ ඵලවැල ටික කන්නේ
බණ බාවනාවට කරදර ඇතිඳු ඉතා
තවුසා සිටියි මුල්ලක එරමිණිය ගොතා
මගියෝ ලැබුණු නිදහස තව දුරට පතා
තුන් මුල්ල්ක්ම අත් කරගෙන කරති කතා
මගියෝ සිටිති දැන් කුටියෙහි සියළු තැන
කතිකා කරති වියහියදම් ගමන් ගැන
මුව සම පවා තව්සා සතු පැහැර ගෙන
ඔහු රෑ තැවෙන හැට් කුටියෙන් පිටට පැන
තවුසගෙ තව්ස් පිරිකර ටිකවත් නැත්තේ
කෙණ්ඩිය පත්කඩය මිදුලේ එළි පත්තේ
අදුරේ මහා කලබල ගතියක් ඇත්තේ
ඒ මදිවාට කවුදෝ ගුටි කෙළ ගත්තේ.
මැසි මදුරුවන්ගේ විස දළ තුඩු පාවා
තවුසා සීතලේ රෑ සට සට ගෑවා
මගියෝ ගියහ තවුසා කුටියට ආවා
තිබුණා මිනී තුන හතරක් එහි බාවා
පීබී අල්විස් පෙරේරා විසින් ලියන ලැබූ අවසාන කවි පෙල යැයි සැලකෙන මෙම කවි පන්තියෙන් පරිග්රහනය හසුකරගන්නා ලද සමාජ විවේචනය ගැන කතා බහ ඔබට බාරය.
යුගයක් සනිටුහන් කළ කවි පරපුරක් සොයා... මෙම බ්ලොග් අඩවියේ අරමුණ ලාංකීය නූතන කවිය උදෙසා පුනර්ජීවනයක් ලබා දුන් කොළඹ කවිය පිළිබදව අපගේ ශක්ති ප්රමාණයෙන් සිංහල වෙබ් අවකාශය තුළ නව කියවීමක්, සංවාදයක් ඇති කිරීමයි. මෙය කිසිදු ආකාරයේ ශාස්ත්රීය කටයුත්තක් නොවන අතර කොළඹ කවි රසවිදීමට කැමති රසවතුන් උදෙසා අප්රකට කොළඹ කවි කියවීමට අවස්ථාවක් ලබා දීම අපගේ ප්රාථමික උවමනාවයි. ඒ පිළිබද සංවාදය කියවන ඔබට බාරය. .
මුල් පිටුව

මෙම බ්ලොග් අඩවියේ අරමුණ ලාංකීය නූතන කවිය උදෙසා පුනර්ජීවනයක් ලබා දුන් කොළඹ කවිය පිළිබදව අපගේ ශක්ති ප්රමාණයෙන් සිංහල වෙබ් අවකාශය තුළ නව කියවීමක්, සංවාදයක් ඇති කිරීමයි. මෙය කිසිදු ආකාරයේ ශාස්ත්රීය කටයුත්තක් නොවන අතර කොළඹ කවි රසවිදීමට කැමති රසවතුන් උදෙසා අප්රකට කොළඹ කවි කියවීමට අවස්ථාවක් ලබා දීම අපගේ ප්රාථමික උවමනාවයි. ඒ පිළිබද සංවාදය කියවන ඔබට බාරය. .
රතු, මේක නං නියම වැඩක්. බොහොම ස්තූතියි. මගේ පුදුම ආසාවක් තියෙන්නෙ මේ යුගයේ කවි වලට. එව්වා කියවන කොට , සම්පූර්ණ කතාවක්ම හිතේ මැවෙනවා.
ReplyDeleteපුලුවන් නං මීමනගේ කවි ටිකක් හොයන්න. පොත් උනත් කමක් නෑ, තියනව නං ගන්න පුළුවන් තැනක් කිව්වොත් ලොකු උදව්වක්. මං හිතන්නෙ මේක එයාගෙ කවියක් කියලා:
පුන් සඳ ඇවිත් වැජඹෙන විට අඹර පිට
හිනැහෙයි , මඳින්, මඳ තරුවැල් කණක කැට
වවුලෝ පියාඹති , දොර අඹ වනයෙ සිට
සඳරැස් වැටේ කවුළුවකින්, නිදන් ගෙට
ස්තූතියි මචං. මට මේ කවිය නිච්චියටම මීමනගේමදැයි කියන්න බැහැ, ඒත් මීමනගේ ගතිය කවියේ තියෙනවා වගේ තමයි.
Deleteඅවුරුද්දක්ම ගියා - කෝ පෑන????
Deleteරතු ගේ මේ වෑයම මං අගය කරනවා ඉහළින්ම. එක සැරයක් නං මේ පැත්තෙ ආව මතකයි. ඒත් කමෙන්ට් කළේ නෑ.
ReplyDeleteමං හිතේ මේ බ්ලොග් එක ගැන පබ්ලිසිටිය අඩු ඇති. සින්ඩි කීපෙක එල්ලන්න බලන්නකො. මේවා මිනිස්සු අතරට යන්න ඕනෙ. ගොඩක් අය ආසයි කොළඹ කවි වලට.
හොඳයි නියම වැඩක්. මත් කැමති කවියට. මාත් කිවියෙක්. කවිය සයිබර් අවකාසය පුරා ගෙන යන්න දරන අත්සහයට අපෙන් සුබ පැතුම්.
ReplyDeleteලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න